2009.10.23 දින පාසල ආරම්භ කරන ලද අතර පාසැල දෙමහල් ගොඩනැගිලි දෙක හා පරිපාලන ගොඩනැගිල්ල සකස් කර තබා ඇත. මුලින්ම විදුහල්පතිතුමා පමණක් සේවය සදහා පැමිණ තිබු අතර පාසලේ සිසුන් භාර ගැනීමක් සිදු නොවිනි. 2010.01.07 දින ගුරු මණ්ඩලය 11 ක් වූ අතර 2 ශේණියේ සිට 11 ශේණිය දක්වා සිසුන් භාර ගැනීම සිදු කරන ලදී. එදිනට මුළු ශිෂය සන්කයාව 163 කි. 2010 වර්ෂයේ දෙසැම්බර් වන විට ගුරු මණ්ඩලය 29 ක් වූ අතර ශිෂය සන්කයාව 517 ක් විය. එම වසරේදී ශිෂ්ශත්ව විභාගය සදහා සිසුන් 41 ක් ඉදිරිපත් කරන ලද අතර ඉන් 06 දෙනෙක් විභාගය සමත් විය. අ.පො.ස [සා.පෙළ] විභාගය සදහා සිසුන් 19 ක් ඉදිරිපත් වූ අතර ඉන් 10 දෙනෙක් අ.පො.ස [උ.පෙළ] සදහා සුදුසුකම් ලැබුණි.
2011 වර්ෂය වන විට ගුරු මණ්ඩලය 34 ක් වූ අතර මුළු ශිෂය සන්කයාව 718 විය. ශිෂයත්ව විභාගය සදහා සිසුන් 41 ක් ඉදිරිපත් වූ අතර ඉන් 04 ක් සමත් විය අ.පො.ස [සා.පෙළ] විභාගය සදහා 18 ක් ඉදිරිපත් වූ අතර ඉන් 08 දෙනෙක් අ.පො.ස [උ.පෙළ] සදහා සුදුසුකම් ලැබීය. මෙම වසරේ දී පාසල් දරුවන් 54 දෙනෙකුගෙන් යුක්ත උඩරට වෙස් නැටුම් කණ්ඩායමක් ආරම්භ කරන ලදී. 2012 වර්ෂයේ ගුරු මණ්ඩලය 31 ක් වූ අතර මුළු ශිෂ්‍ය සන්කයාව 852 ක් විය. ශිෂ්ශත්ව විභාගයට සිසුන් 78 ක් ඉදිරිපත් වූ අතර ඉන් 06ක් විභාගය සමත් විය. අ.පො.ස [සා.පෙළ]විභාගය සදහා සිසුන් 37 ක් ඉදිරිපත් වූ අතර උ.පෙළ විභාගය සදහා 12 දෙනෙක් සමත් විය. 2012 වර්ෂයේදී ප්‍රථම වරට නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් පවත්වන ලදී. විද්‍යාලීය නර්තන කණ්ඩායමක් උතුරු මද පළාත් තරග ජයග්‍රාහණය කර සමස්ත ලංකා තරග සදහා ඉදිරිපත් විය 2013 වර්ෂයේ පාසලේ ගුරු මණ්ඩලය 40 ක් වූ අතර මුළු ශිෂය සන්කයාව 814 ක් විය. ශිෂ්ශත්ව විභාගයට සිසුන් 81 ක් ඉදිරිපත් වී 06 ක් සමත් වූ අතර අ.පො.ස [සා.පෙළ]විභාගයට 23 ක් ඉදිරිපත් වී 10 දෙනෙක් සමත් විය. ක්‍රීඩා අංශයෙන් ප්‍රථම වරට මීටර් 100 හා 800 ඉසවු වලින් පළාත් ප්‍රථම ස්ථානය දින සමස්ත ලංකා තරග සදහා ඉදිරිපත් විය. 2014 වර්ෂය වන විට ගුරු මණ්ඩලය 42 ක් වූ අතර ශිෂ්ශ සන්කයව 829 ක් විය. ශිෂ්ශත්ව විභාගය සදහා සිසුන් 98 ක් ඉදිරිපත් වූ අතර ඉන් 28 ක් විභාගය සමත් විය. සිසුන් ශිෂ්ශත්ව විභාගයෙන් සමත් වූ වැඩිම ශිෂ්ශ සන්කයාව මෙය වේ. සාමාන්‍ය පෙළ විභාගය සදහා මෙම වර්ෂයේ සිසුන් 29 ක් ඉදිරිපත් විය. 2014 වර්ෂයේදී දෙවන නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් පවත්වන ලද අතර එම වර්ෂයේදී මීටර් 100 හා 200 තරග වලින් පළාත් දෙවන ස්ථානය ලබා ගනිමින් සමස්ත ලංකා තරග සදහා ඉදිරිපත් විය. අධයාපන අමාත්තයංශය මගින් සංවිධානය කරන ලද කුසලාන තරගාවලිය සදහා ඉදිරිපත් වූ දැල්පන්දු කණ්ඩායම උතුරු මැද පළාත් තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත අතර සමස්ත ලංකා තරගයෙන් දෙවන ස්ථානය දිනා ගන්නා ලදී. සංගීත අංශයේ හා සිංහල භාෂා සිනා තරග වලින් ද සමස්ත ලංකා තරග සදහා සහභාගී විය.
පෝෂිත ප්‍රදේශ තුල නිවස 1500 ක් ඇති අතැර දැනට නිවාස 800 ක් පමණ පදිංචි වී ඇතත් ඉදිරියේ දී සියලුම නිවාස වල පදිංචි වීම නිසා සිසුන් 1500 කට ආසන්න ප්‍රමානයකට වර්ධනයක් බලාපොරොත්තු වේ. එසේ හෙයින් ඉදිරියේ දී පන්ති කාමර සහිත ගොඩනැගිල්ලක්ද සංගීතය,නර්තනය,ගෘහ විද්දයාව හා කෘෂි විද්දයාව සදහා ද ගොඩනැගිලි පහසුකම් අවශය වේ. දැනට පාසලේ සිටින ශිෂය සන්කයාවට ද ගොඩනැගිලි පහසුකම් අවශ්ෂ ප්‍රමාණයට නොමැති වීම නිසා දැනට ප්‍රධාන ශාලාවේ ද පන්ති පැවැවීමට සිදු කරන අතර ඉදිරියේදී අ.පො.ස. [උ.පෙළ]පන්ති ආරම්භ කිරීම ද කල යුතුව ඇත.

|
ආරම්භ කළ වර්ෂය |
2009.10.23 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
11 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
163 |
|
මුල් ගුරුතුමාගේ නම |
|
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
03 |
|
පාසලේ නම |
අ/රණජයපුර මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
|
|
පාසල රජයට පවරාගත් දිනය |
2009.10.23 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
රණවිරු ගම්මානයේ |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
2010.01.07 |
{QF3=5}

