විදුහල්පති පණිවිඩය
රණජයපුර මහා විද්‍යාලය

ත්‍රිවිධ හමුදා නිවාස සංකීර්ණයක පිහිටි අප පාසල දැනට දරුවන් 950 කින් හා අධ්‍යන කාර්යමණ්ඩලය 44 කින් ද සමන්විත 1-11 ශ්‍රේණි සදහා ඉගෙනුම් කටයුතු සිදු වන විදුහලකි. මෙය උතරු මැද පළාතේ දීප්තිමත් පාසලක් වන අතර කලාප,පළාත් විවිධ ජයග්‍රහණ වලට හිමිකම් කියන දරුවන්ගේ සැදුම් ලද්දකි. මෙය ආරම්භ වී දැනට වසර 12 ක් පමණ වන බැවින් පාසලට ඇත්තේ කෙටි ඉතිහාසයකි.
දැක්මකින් යුතු මෙම පාසල වර්තමානයේ නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට පියනගමින් සිටී. එ අනුව 2022 වර්ෂයේ අ.පො.ස (සා.පෙළ) ප්‍රතිඵල තුල ඉතා ඉහළ ගුණාත්මක ප්‍රතිශතයක් ලබා ගැනීමට තොරතුරු තාක්ෂණ විෂයට හැකි විය.
මෙම විදුහලේ විවිධ පාර්ශව සමග අදහස් හා තොරතුරු හුවමාරුව සදහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම කාලීන වැදගත්කමක් සහිත කරුණක් බැවින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කළෙමු. එ අනුව මේ තුලින් සියලු පාර්ශව සමග එක්ව පලදායි මෙහෙවරක් ඉටු කළ හැකි වෙතැයි මම තව දුරටත් අපේක්ෂා කරමි.
මෙම වෙබ් අඩවිය සමග එක්ව විදුහලේ අභිවෘර්ධිය වෙනුවෙන් අත්වැල් බැද ගැනීමට සියලු දෙනාට මෙයින් ආරාධනා කරමි. මෙම සත්කාර්ය වෙනුවෙන් දායක වූ සියලු දෙනාට හදවතින්ම ස්තුතිය ද පුද කරමි. මේ තුලින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථක වේවායි ද නව තාක්ෂණය තුලින් දැනුම සොයා යන අනාගත පරපුරක් බිහිවේවායි ද ඉත සිතින් පාර්ථනා කරමි.
විදුහල්පති,
අ/රණජයපුර මහා විද්‍යාලයේ


