3D_Logo.png
DSC_0014.jpg
images/WhatsApp_Image_2023-03-16_at_182808.jpeg

ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය

අද ඉංග්‍රීසි භාෂාවක් මුළු සමාජයම පිළිගන්නා භාෂාවක් බවට පත්වෙලා. දිනෙන් දින දියුණු වන නවීන ලෝකයට මුහුණ දීමට ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය වී ඇත. වර්තමානයේ බොහෝ අය ඉංග්‍රීසි විෂයයක් ලෙස සලකන අතර එය ප්‍රායෝගික භාවිතයේදී භාවිතා නොවේ. ඉංග්‍රීසි සාහිත්‍ය සංගම් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රායෝගික භාවිතයට හුරුවීමේ උත්සාහයක් ලෙස හැඳින්විය හැක. අද බොහෝ පාසල්වල සිංහල සාහිත්‍ය සංගම් තිබුණත් ඉංග්‍රීසි සාහිත්‍ය සංගම් දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි.අපේ පාසලේ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය අපේ පාසලේ දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට වැඩසටහන් ගෙන තිබෙනවා. ප්‍රධාන වැඩසටහන වන්නේ 7 ශ්‍රේණියේ සිසුන් විසින් සංවිධානය කරන ඉංග්‍රීසි කඳවුරයි. දිමිත් සේනානායක, උපේකා මහත්මියගේ මඟපෙන්වීම යටතේ එය සිදු විය. එහිදී සිසුන්ට විවිධ තරගයකට මුහුණ දීමට සිදු විය.අප පාසලේ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය මගින් පැවැත්වූ ඉංග්‍රීසි කඳවුර ඉතා සාර්ථක වූ බව විදුහල්පතිවරයා පවසා ඇත. මෙවැනි සාර්ථක වැඩසටහන් වාට්ටුවට ගෙන ඒමටත්, එහි දී දරුවන්ගේ සැඟවුණු කුසලතා තව තවත් ඔප්නැංවීමටත් ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයට විශාල සහයෝගයක් ලැබෙනවා.