අප පාසලේ දුවා දරුවන්ගේ දැනුම, ආකල්ප, කුසලතා ඔප් නැංවීම සදහා චෙස් සංගමය ආරම්භ කරන ලදී.චෙස් සංගමය තුළින් පාසැල් දුවා දරුවන්ට වැදගත් මෙහෙයක් සිදු වේ. මෙම චෙස් ක්‍රීඩාව තුළින් පාසැල් ළමුන්ගේබුද්ධිය වර්ධනය වේ. ඒ තුළින් ඔවුනට අධ්‍යාපන සාර්ථක කර ගැනීමට ඉඩ හසර ලැබේ. මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේචෙස් දැනුම වර්ධනය සදහා ව්‍යාපෘති කිහිපයක් සිදු කර ඇති අතර තවත් ව්‍යාපෘති කිහිපයක් සිදු වෙමින් පවතී.එපමණක් නොව මෙම චෙස් සංගමය තුළින් පාසලට නිරන්තරයෙන් කීර්තිය අත් වේ. අපට අද වන විට චෙස් ක්‍රීඩාව තුළින් කලාප, පළාත් තරග වලින් ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන ලබා ගැනීමට හෙකි වී තිබේ. තවද සමස්ථ ලංකා තරග තුළින් හොඳම දහ දෙනා අතරට පැමිණිමට හැකි වූ අතර චෙස් සංගමය පාසලේ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගනී.


